Jul 17, 2017

ගැසට්‌ නිවේදනයෙන් අප්‍රේල් පෝය වෙසක්‌ කරලා

එළඹෙන 2018 වසර සඳහා රජයේ නිවාඩු දින දන්වමින් රජය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්‌ නිවේදනය මගින් 2018 අප්‍රේල් 29 වැනි දිනට යෙදෙනෙ පොහොය වෙසක්‌ පෝ දින ලෙස නම් කර ඇති බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

වෙසක්‌ පොහොය දිනය මෙලෙස විකෘති කිරීමෙන් මෙරට බෞද්ධ  ජනතාව මහත් අපහසුතාවට පත්වන බවත් එබැවින් මෙම වරද නිවැරදි කිරීම සඳහා මැදිහත්වන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් සහ ජනාධිපති, අගමැති, ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

ලබන 2018 වර්ෂයේ ජනවාරි 01  සහ 31 දිනයන්හි පොහොයවල් දෙකක්‌ යෙදී ඇති අතර එම පොහෝ දිනයන් දුරුතු සහ නවම් පොහොය ලෙස නම් කර ඇත.ඒ අනුව 2024/55 දරණ අති විශේෂ ගැසට්‌ නිවේදනයේ සඳහන් පරිදි  මැයි මස 29 වැනිදාට යෙදී ඇති පොහොය අධි පොසොන් පොහොය ලෙස නම්කර ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

ජනවාරි මාසයට යෙදී ඇති පොහොය දෙක දුරුතු සහ අධි දුරුතු පොහොය ලෙස සැලකීමෙන් ඉහත ගැටලුව විසඳෙන බවත් එසේ නොවුණහොත් ලබන වසරේදී  වෙසක්‌ පොහොය සැමරීමට සිදුවන්නේ අප්‍රේල් මාසයේදී බවත් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top