15976 BM WEB BANNER 01
Jul 17, 2017

මොරටු සරසවියට සත්ත්ව හිංසන චෝදනා

අයාලේ යන සුනඛයන් හා බළලුන් කෲර ලෙස මරා දැමීම සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයට සත්ත්ව හිංසන චෝදනා එල්ල වී තිබේ.

නිර්වින්දන ඖෂධයක් ශරීරගත කර ඇති මෙම සතුන් බොහොමයක් එම මාත්‍රාව හේතුවෙන් මියගොස් ඇති බවට සත්ත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාධරයන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රංශ පුවත් සේවය වෙත අදහස් දක්වමින් සත්ත්ව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන විබෝධා අබේගොඩ මහත්මිය පවසා ඇත්තේ මෙම කෲර අමානුෂික ක්‍රියාවට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගතයුතු බවයි.

මෙලෙස නිර්වින්දය කළ සතුන් සරසවි භූමියෙන් කි.මී. 20ක් දුරින් පිහිටි ප්‍රදේශයකට ගෙන ගොස් දැමීමට ද විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කර ඇති බවත් ඇය වැඩිදරටත් සඳහන් කරයි.

මේ අතර, සරසවි භූමිය තුළ අයාලේ යන සුනඛයන් හා බළලුන් මරාදැමීමට පෞද්ගලික සමාගමක් වෙත කොන්ත්‍රාත් ලබා දුන් බවට විශ්ව විද්‍යාල ප්‍රකාශකයෙකු පැවැසූ බවද ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙරට පවතින ශාක හා සතුන් සුරැකීම සඳහා වූ නීතිරීති යටතේ සත්ත්ව හිංසනය යනු වසර 5ක් දක්වා සිරදඬුවම් ලබා දිය හැකි වරදක් වන අතර, පසුගිය වසරේ මාර්තු මාසයේදී උකුස්සෙකු පණපිටින් හමගැසූ පුද්ගලයන් 6 දෙනෙකු සිරදඬුවම් නියම කෙරුණි.

(AFP පුවත් සේවය ඇසුරෙනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top