nsb

Nov 16, 2016

ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු ? ජිනීවා කමිටුව ප්‍රශ්න කරයි Featured

ශ්‍රී ලංකාවේ තවමත් රහසිගත වද කඳවුරු පවතින්නේද යන්න වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඊයේ (15) ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවේ පැවති වද කඳවුරු පිළිබඳව නිසි විමර්ශනයක් පැවැත්වූයේ දැයි ද එම කමිටුව විමසා සිටියේය.

ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වූ අවස්ථාවේ කමිටු නියෝජිතයන් එසේ ප්‍රශ්න කළ බව කමිටුවේ කටයුතු නිරීක්ෂණය කළ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඔහු පවසන පරිදි ආණ්ඩුවේ නියෝජිතයන්ට කමිටුව යොමු කළ තවත් ප්‍රශ්නයකි.

වදහිංසා නතර වී නැ- රජය පිළිගනී :

ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම පොලිසියේ වදහිංසා පැනවීම් තවමත් නතර වී නැතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව එහිදී පිළිගත් බවත් සුනන්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

"නමුත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අඩුයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන වැඩියි," ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුල වදහිංසාවලට වැට බැඳීමට ආණ්ඩුව ගන්නා පියවර ප්‍රමාණවත් නොවන බව කමිටු නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

රුකී ප්‍රනාන්දු :

RukeeF 670px 16 11 16පසුගියදා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා කෙටි වේලාවකට රඳවා ගැනීම ඔහුගෙන් 'පලිගැනීමක් දැයි' යන්න කමිටුව ආණ්ඩුවට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

"වද හිංසා පැනවීම සම්බන්ධ වාර්තාවල තියන පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් එවැනි නිශ්චිත ප්‍රශ්න ගණනාවක් කමිටු සාමාජිකයන් යොමු කළා."

වද හිංසනයට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව යොමු කළ ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ ප්‍රතිචාරය අද (16) බදාදා පළකිරීමට නියමිතය.

ජාතික මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇතුලත් කරුණුවලට සාධනීය ප්‍රතිචාරයක් පලකිරීමට එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වනු ඇති දැයි අවධානය පල වී තිබෙන බවත් සුනන්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

කමිටු සැසිවාරය අවසානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ කමිටුවේ වාර්තාව ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු වද කඳවුරක් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේවනවිට අවධාරණය කර තිබේ.

(බිබිසි සංදේශය)


සබැඳි පුවත් :

“වධ හිංසා ගැන සිසිර මෙන්ඩිස්ගෙන් ප්‍රශ්න කරන්න”

යහපාලනයේ වදදීම් ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි

'පොලිස් වදහිංසාවල අඩුවක් නැහැ' - රජය ජිනීවා'හිදී අර්බුදයක 

මානව හිමිකම් උල්ලංඝනය කරලා : පොලිසිය ජිනීවා කැඳවයි

'පොලිසිය දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරලා' -HRW කියයි

වධහිංසා කිරීම් : ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමේ පියවර (වීඩියෝ) 

පොලිස් වද බන්ධන දිගටම: HRW කියයි 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top