Aug 06, 2017

මත්ද්‍රව්‍ය චෝදනාවට මංගලගේ ලේකම් සම්බන්ධ නෑ ! Featured

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකු එම සිද්ධියට සම්බන්ධ නැතිබව හෙළිවීමෙන් පසු ඇපමත මුදාහැර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.

ඔහු මේබව කියා සිටියේ කුඩු තොගයක් සමඟ මංගලගේ ලේකම්වරයකු අත්අඩංගුවට යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙබ් අඩවියක වන වාර්තාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

කෙසේවුවද, විශේෂ පොලිස් කාර්යය බලකාය විසින් කළ පරික්ෂාවකදී ලේකම්වරයා ගමන්ගත් මෝටර් රථයේ සිටියෙකු සන්තකයේ තිබි මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සොයා ගෙන ඇත.එම මෝටර් රථය ඇමති ලේකම්වරයාගේ මිතුරෙකුට අයත් වූවකි.

අදාළ සැකකරු මත්ද්‍රව්‍ය තමන්ගේ බව පිළිගෙන ඇති අතර, කොකේන් ග්‍රෑම් 3ක්, පිල් ග්‍රෑම් 4ක් හසීස් ග්‍රෑම් 9ක් සහ කුෂ් ග්‍රෑම් 9ක් ද සැකකරු සන්තකයේ තිබී ඇත.

සැකකරුගේ නිවසට ගොස් ඇති විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විදේශීය මත්පැන් බෝතල් 18ක් සහ නීති විරෝධී දුම්වැටි 400ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් සී.ඒ. ධර්මරත්න මහතා හමුවට පැමිණවීමෙන් පසුව මත්ද්‍රව්‍යවල හිමිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සෙසු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.

ප්‍රධාන සැකකරු හැර සෙසු අය එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි බව පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවූ බව පොලිසිය අධිකරණයට දන්වා ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top