Nov 16, 2016

ස්වර්ණවාහිනීයෙන් ජාතික පුවත්පතක් ! අර්ජුනත් සම්බන්ධයි !! Featured

ඊ.ඒ.පී. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විසින් ලබන වසර මුලදී ජාතික පුවත්පත් කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා හා ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියෙන් ප්‍රසිද්ධියට පත් ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතා අතර මේ සම්බන්ධයෙන් සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බව එම ආරංචිමාර්ග කියා සිටියි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආණ්ඩුවේ ප්‍රධානියකුගේ ආශිර්වාදය හිමිව ඇති අතර, එම දේශපාලනඥයා හා  ජීවක එදිරිසිංහ මහතා අතර පසුගියදා රහසිගත සාකච්ජාවක් සිදුවී ඇතැයි ද පැවසේ.

මේ සම්බන්ධයෙන් විදෙස් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු හමුවී අවසන් තීරණයක් ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා මෙම සති අන්තයේ ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිත අතර,  ආණ්ඩුවේ එජාප ඇමතිවරයකු විසින් එම සාකච්ජාව සංවිධානය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඊ.ඒ.පී. සමුහ ව්‍යාපාරයේ වත්මන් සභාපති මනෝ තිත්තවැල්ල මහතා කියා සිටියේ පුවත්පතක් ආරම්භ කිරීමට තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

 'මව්බිම' පුවත්පතින් ඉල්ලා අස්වූ තුෂාර ගුණරත්න හා උපුල් ජෝසෆ් ප්‍රනාන්දු යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සමග එක්වී ජාතික පුවත්පත් ජාලයක් ගොඩනැගීමට අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරමින් සිටින බව මිට ඉහතදී මාධ්‍ය වාර්තා කර තිබිණ.


සබැඳි පුවත් :

අර්ජුන් 'ස්වර්ණවාහිනීය' මිලදී ගැනීමට යයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top