nsb

Nov 16, 2016

අන්තවාදීන් රොත්තක් අත්අඩංගුවට ! Featured

අන්ත ජාතිවාදී මාධ්‍ය ප්‍රචාරකය නිරතව සිටින කල්ලි කණ්ඩායම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා ගෙන් හා අගමැතිවරයා ගෙන් පොලිස්පතිවරයාට නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව සිංහල නොවන ජාතීන්ට එරෙහි ද්වේශ සහගත උද්ඝෝෂණය කරමින් සිටි ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගත් පොලිසිය, අද දිනය තුලදී තව්හිඩ් ජමාද් නායක අබ්දුල් රාසික් ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඩෑන් ප්‍රියසාද් ලෙසින් තමන් හඳුන්වාගන්නා දෙමටගොඩ සුරේෂ් ප්‍රියසාද් නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් විසින් දින දහයකට රිමාන්ඩ් ගත කොට ඇත.

ජාතිවාදය ඇවිස්සීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණ.

අත් අඩංගුවට ගැනීමට පෙර සමයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තර්ජනාත්මක ජාතිවාදී වාගාඩම්බර පලකරමින් සිටි ප්‍රියසාද්, නොවැම්බර් 15 දා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තමන් අත වරද නැති බවට පොලිස් නිලධාරීන්ට සෝබරව පවසනු වීඩියෝ ගත වී තිබේ.

ඔහු අත් අඩංගුවට ගැනීමට පෙර සති අන්තයේ භික්ෂුන් පෙරටු කොටගෙන අනුරාධපුරයේ සභාවක් අමතමින් ජලසම්පාදන ක‍ටයුතු භාර අමාත්‍ය රවුෆ් හකීම් මහතාට චෝදනා කළේ ජලාශ වලට වස දැමීමේ හැකියාවක් ඇතැයි අනතුරු හඟවමිනි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර :

පසුගියදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට තවත් පිරිසක් සමග පැමිණි ඔහු, මුස්ලිම් ජනතාවට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවටද තර්ජනය කළේය.

රටේ සංහිඳියාවට තර්ජනයක් වෙමින් ජාතිවාදය වපුරුවන අන්තවාදීන් සිව් දෙනකුට විරුද්ධව තමන් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකින් අනතුරුව මේ අත් අඩංගුවට ගැනීම සිදුවූ බව ජාතික සමගි සන්ධානයේ නායක අසාත් සාලි මහතා පැවසීය.

සුරේෂ් ප්‍රියසාද් ට අමතරව බොදුබල සේනානායක ගලබොඩඅත්තේ ඥාණසාර, නැගෙනහිර උප ප්‍රධාන සංඝනායක අම්පිටියේ සුමනරතන සහ තව්හිඩ් ජමාද් නායක අබ්දුල් රාසික්ට එරෙහිව මෙම පැමිණිලි කරන ලද බව අසාත් සාලි ගගන හා කියා සිටියේය.

අබ්දුල් රාසික් ද හෙට දිනයේ අත් අඩංගුවට ගනු ඇති බවට ජාතික සමගි සන්ධාන නායකයා විශ්වාසය පල කළේය.

ජනපති හා අගමැති අනතුරු අඟවති

මේ අතර, 'රාවය' පුවත්පතේ පටිසෝතගාමී අභිචාරිකා මාධ්‍ය මෙහෙවරට තිස්වන වසරක් සැපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH ) හිදී අද (15) පස්වරුවේ පැවති විශේෂ සංවත්සර උත්සවය අමතමින්
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, සිංහල දෙමල මුස්ලිම් අන්තවාදී පිරිස් යලි ජාතිවාදී ගැටුමක් ඇතිකරලීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව අවධාරණය කර කර සිටියහ.

සබැඳි පුවත්

'අන්තවාදීන් කුමන්ත්‍රණයක' - ජනපති හා අගමැති අනතුරු අඟවති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top