Aug 08, 2017

'කලිසම ගලවා ගෙදර යවනවා'- රාජ්‍ය ඇමැති සුජීව

තමන්ට මඩ ගහන සියලු දෙනාගේම කලිසම ගලවා ගෙදර යවන බවත්, තමන් විනිවිද භාවයෙන් කටයුතු කරන අතර, කිසිවෙකුගේ වරප්‍රසාද මෙතෙක්‌ ගෙන නොමැති බවත් තුට්‌ටු දෙකේ වැඩ නොකරන බවත් මඩ ගසන සියලු දෙනාටම එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ සුජීව සේනසිංහ පදනම සංවිධානය කර තිබූ ජනතා ජංගම සේවය පසුගිය 05 වැනිදා අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ පැවැති අවස්‌ථාවේදීය.

ඇමැතිවරයා තවදුරටත් සභාව අමතමින් මෙසේද කීවේය.

ජනාධිපතිට ඕනෑම කොමිසමක්‌ දාන්න පුළුවන් :

දැන් රටේ වැඩිපුරම කතා කරන්නෙ මහ බැංකුව සම්බන්ධවයි. මේක ජනතාවට තේරෙන්නෙත් නෑ. හැමෝම මේක කෑල්ලක්‌ දෙකක්‌ අල්ලාගෙන කෑගහනවා. ජනාධිපතිවරයා කොමිසමක්‌ දාලා ඔක්‌කොම හොයන්න.

අපි ජනාධිපතිතුමාට කියන්නේ ඉදිරියටත් එසේ සොයන්න. කයිවාරු ගහලා හරියන්නේ නෑ. ජනාධිපතිට ඕනෑම කොමිසමක්‌ දාන්න පුළුවන්.

 මිග් ගනුදෙනු, ක්‍රිෂ් ගනුදෙනු, හම්බන්තොට වරායේ මිලියන 500 ක්‌ ගිල්ල එකෙක්‌ නෑ. එයාර් ලංකා එකේ බිලියන 450 ගිල්ල එකෙක්‌ නෑ. ඒවත් හොයන්න එතුමාට භාර කරනවා.

කාටවත් ඇඟිලි දික්‌කරන්න එපා. කවුරු හොරා වුණත් කමක්‌ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න.

ඒකාබද්ධයේ ඔක්‌කොම හොරු :

ඔය ඒකාබද්ධයේ ඉන්නෙ ඔක්‌කොම හොරු බලන්න එයාලා දේශපාලනයට ආ හැටි දැන් ඉන්න තත්ත්වය. පොලිසියේ උසාවියේ නියෝග ඕනෙ නෑ. මගේ වත්කම් බැරකම් විනිවිදව ඕනෑම අවස්‌ථාවක පෙන්වීමට සූදානම්.

එක මන්ත්‍රීවරයෙක්‌ මට අපහාස කළා. මම මිලියන 1000 ක්‌ ඉල්ලා උසාවියේ නඩුවක්‌ ගොනු කළා. හැකි නම් ගෙවපන් කියා. අපිට කාවත් ආරක්‌ෂා කරන්න අවශ්‍ය නෑ. කවුරු වැරදි වුණත් තරාතිරම අවශ්‍ය නෑ. අපි නීතියට උදවු කරනවා.

හැබැයි මේ දේවල් පසුගිය ආණ්‌ඩුවෙන් වුණේ නෑ. තමන්ගේ පුත්තු හොරෙන් විභාග ලිව්වා. කාමරයක සිට එසේ කර හොර නීතිඥවරයෙක්‌ බිහි කළා. තමන්ගේ මල්ලිලා රගර් ගැහුවා. රොකට්‌ ඇරියා බිලියන ගණනක්‌ අපතේ යෑව්වා. රූපවාහිනී ආයතන ඇරියා. මේවාට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. අපි එතෙක්‌ සංවර්ධන ක්‍රියාවලිය කරනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top