Nov 16, 2016

ඉන්ටර්නෙට් බදු ඉහළ දැමීම පිටුපස රහසක්

මුදල් ඇමති විද්දේ ඒකාබද්ධ විපක්ෂයට වැදුනෙ ජනතාවට යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (15දා) පැවති අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට බලපෑම් කරමින් පාලනය කරන නමුත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාල පාලනය කර ගැනීමට නොහැකි නිසා ආණ්ඩු විරෝධී ෆේස්බුක් අරගලය නවතා ලීමට මෙසේ අන්තර්ජාල ගාස්තු වැඩි කර ඇති බව හෙතෙම කියා සිටියේය.

නඩු පැවරීමේදී ගාස්තු වැඩි කිරීම සිදු කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නඩු දාන එක ආණ්ඩුවට කරදරයක් වෙලා තියෙන නිසා බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය සිව්වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top