15976 BM WEB BANNER 01
Aug 10, 2017

වරිගදිනේ අරුත

ජගත් ආදිවාසි දිනය නිමිතිකොට ගත් ශ්‍රී ලංකාවේ ආදිවාසී  දින උත්සවය මහියංගනය දඹාන කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී  ඊයේ (09 දා) පැවැත්විණ.

මෙහිදී දිවංගත ආදිවාසි නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ ස්මාරකයට  පූෂ්ප උපහාර දැක්වූ අතර නවීකරණය කරන ලද වෙද පියසද විවෘත කරන ලදි.
 
තවද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් වරිග සභාවේදි ගත් තීරණ  හා ඉල්ලීම් ඇතුලත් සන්දේශය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතාට බාර දෙන ලදි.

එමෙන්ම විවාහ ලියාදිංචි නොකර සිටි අඹුසැමි යුවල පස්දෙනෙකුගේ විවාහ ලියාංපදිංචි සහතික පත් ලබාදුන් අතර ආදීවාසි උපාධිධාරී තරුණ තරුණියන් වෙත ගුරු පත්වීම් ද ප්‍රධානය කෙරිණි.

 මෙහිදී අදහස් දැක්වූ ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්. පී. ජයසිංහ මහතා-

“වැද්දා” වැද්දා යන්නෙහි අරුත විදීමට දක්ෂයා යන්නයි එම නිසා අපි ආදිවාසීන් සැලකිය යුත්තේ යම්කිසි ශිල්පයක් සම්බන්ධව විශේෂිත වූ දක්ෂතාවයක් ඇති ජනකණ්ඩායමක් ලෙසයි, මෙරටේ පැරණිම ඉතිහාසය තිබෙන්නේද මෙම ජනතාවටයි, දඹාන අපේ ජාතික උරුමයක් ලෙසින් සැලකීම අප හැමදෙනාගේම වගකීමක්. රටට විදේශ විනිමය ලබාගැනීම සඳහාත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදීත් දඹාන ප්‍රදේශය ආකර්ශනීය ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ’යැයි පැවසීය.

එමෙන්ම ආදිවාසි ජනතාවගේ අනන්‍යතාවය රැකෙන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා හා ගැටළු පිළිබඳ සොයාබැලීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන  බවද ඔහු පැවසීය.
මේ සඳහා ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්. පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව  අවස්ථාවට  බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි,  ඌව පළාත් සභා මන්ත්‍රී උපාලි සේනාරත්න ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ.
 
unnamed
 
unnamed 9
 
unnamedb
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top