Aug 11, 2017

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 07 සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන මස 07 වැනි දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අදියර 03ක් යටතේ මෙහි ඇගයීම් කටයුතු සිදුකරන අතර, පළමු අදියර සැප්තැම්බර් 7 වන දා සිට 20 වන දා දක්වා සිදුකිරීමට නියමිතය.

දෙවන අදියර 13 වන දා සිට 26 වන දා දක්වා ද, 3 වන අදියර සහ පොදු පරීක්ෂණය 30 වන දා සිට ඔක්තෝම්බර් 01 වන දා දක්වා සිදුකෙරේ.

පළමු අදියරේදී දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 31කදී මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුවන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top