Aug 12, 2017

'රවිගේ අස්‌වීම ෂෝ එකක්‌. දළකාරයෝ තව ඉන්නවා' - මහින්ද

''රවි කරුණානායක මහතා විදේශ ඇමැති ධුරයෙන් ඉවත්වීම බොරු ෂෝ එකක්‌. මේ සිද්ධිය පිටුපස තව තව දළකාරයෝ ඉන්නවා'' යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අර්ජුන ඇලෝෂියස්‌ මහතාගේ මුදලින් නිවසක්‌ මිලදී ගත් බවට චෝදනා එල්ලවීමෙන් පසු රවි කරුණානාdයක මහතා ඇමැති ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

''ජනතා අධිකරණයට පිටුපා යන්න කාටවත් බැහැ. මේ වෙන දේවල් දිහා ජනතාව හොඳින් බලා ඉන්නවා. ජනතාව දැන් තීරණයක්‌ අරගෙන ඉන්නේ. ඒ නිසා ජනතාව රවට්‌ටන්න බැහැ.''

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top