Aug 12, 2017

ඒකාබද්ධයේ 05ක් ආණ්ඩු පක්ෂයට !

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ආණ්ඩු පක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ඊයේ ආණ්ඩු පක්ෂයට එක්වුයේ එහි පළමු පියවර ලෙස බවද එම අමාත්‍යවරයා කියා සිටියේය.
 
විදානගමගේ මහතාට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත.
 
ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top