15976 BM WEB BANNER 01
Aug 12, 2017

නීතිපතිගේ ඉහළ නිලධාරීන් දෙදෙනකුට බලපෑම් Featured

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජයේ තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාරදී තිබේ.

මොවුන් ප්‍රථම ලිපිය භාරදී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (10දා) යි.

ලිපිය භාරදී තිබෙන්නේ සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවේම ක්‍රියාකලාපය සහ අදාළ නිලධාරීන් දෙදෙනා කටයුතු කරන ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව වාර්තා වේ.

රවි කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ බොහෝ මැති ඇමැතිවරුන් විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම අදාළ ඉහළ නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියාකලාපයන් දැඩි විවේචනයට ලක් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයකු සඳහන් කළේ මන්ත්‍රිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී ඔවුන් පෙන්වා දුන් පරිදි පසුගිය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධ ගැටලුකාරී අවස්ථා සඳහන් කරමින් අදාළ ලිපිය යොමුකර ඇති අතර, අදාළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඇත.

අග්‍රාමාත්‍යවරයා හමුවේ මන්ත්‍රි කණ්ඩායම සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ බැඳුම්කර කොමිසමේ රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලකට ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top