Nov 16, 2016

'මහින්ද රාජපක්ෂ පවරන වැඩත් කරලා දෙනවා'

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමාට කතා කර ඇතැම් කාර්යයන් පවරන බවත්, තමා ඒවාද ඉටුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී අද (16දා) පැවැති අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය‍.

එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

"ආනන්ද හාමුදුරුවෝ ජාතික නායකයෙක් වුණේ සටන් තුළින්. ප‍්‍රාර්ථනා ඉෂ්ට කරගැනීමට රැස්වීම් තිබිය යුත්තේ අපිත් සමගයි. වෙන අය සමග රැස්වීම් පැවැත්වීමෙන් ප්‍රාර්ථනා ඉටුවන්නේ නැහැ. වෙන අය පෝෂණය කිරීමට කටයුතු කරන්න එපා. සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගමු. මම සාකච්ඡාවලට අභයාරාමයට වුණත් එන්න සූදානම් යනුවෙන්ද සදහන් කර සිටියේය.

helthassociation

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top