Aug 12, 2017

විජේදාසත් එකට එක කිරීමට යයි : රහස් රැසක් එලියට Featured

තමාට එරෙහිව චෝදනා කරන ඇමතිවරුන්ගේ වංචා දුෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී රට හමුවේ කරුණු අනාවරණය කරන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනතුරු අඟවයි.

ඔහුගේ පුත්‍රයකුට අයත් යැයි පැවසෙන පුවත් වෙබ් අඩවියක එබව සඳහන්වේ.

එවැනි ප්‍රබල ඇමතිවරයකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිසම හමුවට ඉදිරිපත්ව ඇති මහ පරිමාණයේ වංචා දුෂණ ගණනාවක් පිලිබඳ පැමිණිලි සිය බලතල යොදාගනිමින් යටගසා ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කරයි.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම විසින් ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකතනයේ කෙටි පණිවිඩ පරික්ෂා කිරීමේදී ඇලෝසියස් මහතාගෙන් කෝටි ප්‍රකෝටි ගණනින් උදව් උපකාර ගත් ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරුන් රැසකගේ තොරතුරු අනාවරණය වී ඇති බවත්, එහෙයින් බැඳුම්කර කොමිසම විසුරුවා හැරීමට එවැනි මැති ඇමතිවරුන් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top