15976 BM WEB BANNER 01
Aug 13, 2017

සාගලගේ නම විදේශ ඇමැතිකමට යෝජනාවේ ! Featured

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විදේශ කටයුතු අමාත්‍ය ධුරයට අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නම ද යෝජනා වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව සාගල රත්නායක මහතා දැනට දරන නීතිය හා සාමය අමාත්‍ය ධුරය, තිලක් මාරපන අමාත්‍යවරයා වෙත යළි පිරිනැමීමට තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

විදේශ කටයුතු අමාත්‍ය ධුරය සඳහා නවීන් දිසානායක මහතාගේ නම යෝජනා වී තිබුණ ද, වැවිලි කර්මාන්ත ධුරය වෙනස් නොකරන ලෙස ඔහු විසින් ඉල්ලීමක් කිරීම හේතුවෙන් එය අමාත්‍ය තිලක් මාරපන මහතා වෙත ලබාදීමට තීරණය කර තිබිණ.

පසුගිය දින දෙකෙහි නුවරඑළියේ සංචාරයක සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ කොළඹට පැමිණි වහාම අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා හරහා මෙම අමාත්‍ය ධුර දෙක පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයාට දැනුම් දීමට නියමිත ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top