15976 BM WEB BANNER 01
Aug 13, 2017

මීගමුවේ දී STF හා ගැටී තුවාල ලැබූ අයෙක් මධූෂ්ගේ ගෝලයෙක් !

මීගමුව කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF ) සමග ඊයේ (12) සවස ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සමයං ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකදුරේ මධූෂ් නමැත්තාගේ සමීපතමයෙකු බවට හෙළි වී ඇත.

වජිර කුමාර නමැති 41 වියේ පසුවන මෙම පුද්ගලයා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මධූෂ් නමැති පාතාල නායකයා මේ වනවිට මැදපෙරදිග - ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින බවට තොරතුරු අනාවරණ වී ඇත.

සැකකරුවන්ගේ තොරතුරු :

මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හා අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ තොරතුරු මේවනවිට හෙළිවී තිබේ.

ඒ අතර සේවය හැර ගිය නාවික හමුදා සෙබළෙක්ද සිටින බව පොලීසිය කියයි.

තුවාල ලැබූ සැකකරුවන් මීරිගම රොහලේ සිට රාගම හා කොළඹ රෝහල් වෙත මාරු කර යවා තිබේ.

මෙලසෙ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ කිරිනක්තුඩුව බියගම පදිංචි පතිරණ චම්පික කුමාර ජයතුංග (රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 41 ක් වූ සීදුව පදිංචි රන්හොට්ගෙදර වජිර කුමාර (කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි), වයස අවුරුදු 40 ක් වූ තෙල්දෙණියේ පදිංචි සේවය අතහැර ගිය නාවික හමුදා සෙබළෙකු වූ වෙදමාදගෙදර ජනක අරුණ ශාන්ත, වයස අවුරුදු 31 ක් වූ රාගම පදිංචි අලවත්ත කංකානම්ලාගේ තරිඳු මදූෂ නැමැති සිව්දෙනෙකි.

ඔත්තුවක් !

පොලිස් විශේෂ කාර්ය බලකායට කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයකින් මීගමුව දෙසට ගමන් කරන බවට තොරතුරක් ලැබී තිබු අතර, ඒ අනුව ලුහුබැඳ ගිය පොලිස් විශේෂ කාර්ය බලකාය, වෑන් රථය හරස් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ඔවුන් වෙඩි තබා ඇත.

ඒ සමගම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ද වෙඩි තබා ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.

වෑන් රථයේ තිබී අවි ආයුධ තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top