Aug 13, 2017

දළදා මාළිගා ඉඩමේ බලු අනාථාගාරයට විරෝධය ! Featured

දළදා මාළිගා ඉඩමේ බලූ අනාථාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් Ray of Hope Sri Lanka සංවිධානයේ සභාපතිනී ඉරාකී කොඩිතුවක්කු ඇතුළු සත්ත්ව සුබසාධක සංගම් විරෝධය දක්වා තිබේ.

බලූ අනාථාගාර ක්‍රමය ලෝකය ප්‍රතික්ෂේපිත ක්‍රමයක් බව පවසන ඇය එය ලෝකෙන් තුරන් කරගෙන යන්නක් බවද කියා සිටින්නීය.

ප්‍රතික්ෂේපිත ක්‍රමයක් කරපින්නාගෙන ලංකාව යළි ආපස්සට යාමට සැරසෙන්නේ මන්දැයි ඇය ප්‍රශ්නකර සිටී.

ඇය මෙසේද කියා සිටින්නීය.

“තැනින් තැනින් එකතු කරන් බල්ලො එක තැනකට එකතු කළාම හපා ගන්නවා. එක්කෙනකුට ලෙඩක් හැදුනොත් ඔක්කොටෝම ලෙඩ හැදෙනවා. කන්න බොන්න යද්දි ශක්තිවන්තයා හැම වෙලාවෙම කනවා බොනවා. අනිත් අය පැරදෙනවා….
බල්ලො ගහනය වැඩි නම් ලෝකයේ අනෙක් රටවල්වල වගේ වන්ද්‍යාකරණය කරන්න පුළුවන්. රජයේ වන්ද්‍යාකරණ වැඩ පිළිවෙළ එක දිගට අවුරුදු පහක් කරනවා නම් බල්ලො ගහනය අඩු කරන්න පුළුවන්.”

"නෙල්ලිකුලම් බලූ අනාථාගාරයේ අමිහිරි අත්දැකීම් අපිට තවම මතකයි. ඒ සත්තු දුක් වින්ද හැටි අපේ ඇස් ඉස්සරහ පණ ඇදලා මැරුණ හැටි අමතක කරන්න බෑ. ඒ හින්දා අපි අදාළ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ දළදා මාළිගා ඉඩමෙ බලූ අනාථාගාරයක් හදන එක නවත්තන්න. අපේ රටට බලූ අනාථාගාර එපා කියලයි. ..”

නෙල්ලිකුලම් බලූ අනාථාගාරය

Untitled 13 7Untitled 11 6

වසර 2013 මැයි 03 වැනිදා අනුරාධපුරයේ නෙල්ලිකුලම් හි ඇරඹි ”සුනඛමිතුරු නිවහන” කාලයාගේ ඇවෑමෙන් දිරාපත්ව විනාශයට ගොස් වාසාදමන ලද්දකි.

irakඑම අනාථාගාරයට ගම්වැසියන්ගේ විරෝධය එල්ලවී එහි සතුන් අන්ත අසරනව සිටි අවස්ථාවේ එහි සතුන්ට රැකවරණය දී නැවත පරිසරයට මුදා හැරීම සිදුකරනු ලැබුවේRay of Hope Sri Lanka සංවිධානයේ සභාපතිනී ඉරාකී කොඩිතුවක්කු ඇතුළු සත්ත්ව සුබසාධක සංගම් කිහිපයක් මැදිහත්වය.

ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මානව ජලභීතිකා මර්දන වැඩපිළිවෙළ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වී තිබිණි.

අනුරාධපුර පූජා නගරයේ සිටි අයාලේ යන බල්ලන්ගෙ රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ වූ මෙය 2014 මුල වෙද්දී විනාශයට පත්ව තිබිණි.

ඒ සම්බන්ධයෙන්ද අදහස් දැකවන ඉරාකී මෙසේ කීය.

"එහෙට ගිය පළමුවෙනි දවසෙ අපි හැම දෙයක්ම දැනගත්තා. දැකගත්තා. අපි එතැන ලොග් සටහන් බැලූවා. 2013 ජුනි මාසෙ ඉඳලා 2013 දෙසැම්බර් මාසෙ වෙනකොට ගැහැනු සතුන් 276 කුත් පිරිමි සතුන් 133 කුත් ඇතුළත්ව මුළු සතුන් 419 එතැන ඉඳලා තියෙනවා. ඒකෙන් නිදහස් කළා කියලා තිබුණා සත්තු 95 ක්. සත්තු 251 ක් මියගොස් තිබුණු බව සඳහන් වෙලා තිබුණා.”Untitled 9 7

"එතන තිබුණෙත් ඛේදවාචකයක්. මාස හයකට සත්තු 251 ක් මැරිලා. පැටව් පනස්ගාණක් වෙනම තැනක කොටු කරලා හිටියා. ඒ ගොල්ලන් ඔක්කෝටමත් පාවො. අපි එතැන ඉන්නැද්දීම බලූපැටව් දෙන්නෙක් ලේ පාචනය වෙලා මැරුණා.
මේ අය මේ අනාථාගාරෙ හදලා තිබුණෙ අනුරාධපුරේ හමුදා කඳවුරුවල.
ඉතුරුවෙන කෑම මේ සත්තුන්ට කන්න දෙන්න ප්ලෑන් කරලා. ඉතින් ලොකු බැරල් එකක් බාගෙට කපලා ඒක ඇතුලට තමයි හමුදා කඳවුරුවල ඉතුරු කෑම ටික බල්ලන්ට ගෙනත් හලන්නේ. ඒ කෑම කියලා දුන්නට ඇත්තටම ඒවා කුණු බක්කිවලට දාන කුණු. ඉතුරු වුණ ඉඳුල් එක්ක ලන්ච් ෂීට්, කෙසෙල් ලෙලි, අඹ ලෙලි, ප්ලාස්ටික් වතුර බෝතල්, ඒ කුණු ගොඬේ තිබුණා. අර බැරල් බාගෙට කකුල් දෙක තියලා කාලා බල්ලන්ගෙ බඩවල් කැපිලා. අනික පුංචි පැටව් ඒකට උස නෑ. චණ්ඩි බල්ලො කොහොම හරි කෑවා. අහිංසකයින්ට කන්නත් නෑ. සමහර සත්තු බඩගින්නෙ මැරුණෙ ඒකයි.

Untitled 8 7
අනික වතුර. බැරල් එකක් දෙකට පලලා දාලා තිබුණ වතුර එක තද දුඹුරු පාටවෙලා මදුරු කීටයෝ පිරිලා ඒකෙ. ඒකෙනුත් පුංචි පැටවුන්ට නම් වතුර බොන්න බෑ.
මේ සත්තු බාරව එක්කෙනෙකුත් සත්තු බලාගන්න දෙන්නෙකුත් හිටියා. ඒ බලාගන්න අයත් සත්තු මරලා තිබුණා සවල්වලින් ගහලා. එතකොට ගමේ මිනිස්සු ගහලත් සත්තු මැරිලා තිබුණා. සත්තු කොටුකරලා තිබුණ දැල කැඩුණ තැනකින් බල්ලො එළියට පැනලා ගම පුරා යනවා. ඒකෙන් ගමටත් මැක්කො හැදිලා. සත්තු කන්න බොන්න හොයන එක ඒ මිනිස්සුන්ට වදයක් වෙලා තිබුණෙ. ඒ හින්දා ඒ මිනිස්සුන්ගේ පහරදීම්වලින් බල්ලෝ මැරිලා තිබුණා. අපිටත් ගමේ මිනිස්සු ගහන්න ආවා අපි තව බල්ලෝ දාන්න ආවා කියලා හිතාගෙන ..”

ඡායාරූප - රිවිර

Untitled 10 7Untitled 11 6Untitled 12 6

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top