Aug 13, 2017

රෝහලක ඔක්සිජන් නැතිව ළමයි 60ක් මැරිලා

ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුවන් 60දෙනකු දින පහක් තුළදී මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඔක්සිජන් සැපයුම්කරුට බිල්පත් ගෙවීම පමාවීම හේතුවෙන් සැපයුම නතර කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පිළිගෙන ඇතත් ඔවුන් පවසන්නේ දරුවන් මියයෑමට එකම හේතුව එය නොවන බවයි. අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවන් ස්වාභාවික හේතූන් මත මියගිය බව ඔවුන් පවසා ඇත.

මියගිය දරුවන් වැඩිදෙනෙකු අළුත උපන් දරුවන් බවද පැවසේ.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් 30දෙනකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ දරිද්‍රතාවය ඉහළ කළාපයක් වන මෙම ප්‍රදේශයේ වසරකට එන්සෙෆලයිටීස් වැනි රෝග හේතුවෙන් දරුවන් සියගණනක් මියයන බව පැවසේ.

සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

 97306561 d49ea9f8 0b24 4377 b64d f9021b3fbb52 97308688 a5ee156e ed7b 4a3d 8cd0 a786bde1b67b

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top