Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 16, 2016

මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ජනපතිට සම්මානයක්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර මහා සමුථව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති අතර එහිදී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර විශ්‍රාම ලැබූ දස දෙනෙකු වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ද වෛද්‍යවරුන් ඇතුථ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

( ඡායාරූප : උදේශ් ගුණරත්න)

heda1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top