Nov 17, 2016

'සිංහල-මුස්ලිම් කෝලහාලයක් අතළඟ' - බන්දුල අනතුරු හඟවයි Featured

සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සහ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව පැවසුවේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (16) රාත්‍රීයේ එක්වෙමිනි.

සිංහල සහ මුස්ලිම් කෝලහාලයක් නැවත ඇති කිරීමෙන් ඊට සහාය දෙන පාර්ශ්ව උත්සහ කරන්නේ සාමකාමී තත්ත්වයක් යටතේ ඉටුකරගත නොහැකි රටට අහිතකර බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රී ලංකා ඉතිහාසයේදී එනම්, 1915 දී සිංහල මුස්ලිම් කෝලහාලයක් ඇති වූ බව මෙහිදී සිහිපත් කල බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා, එම  මුස්ලිම් සිංහල කෝලහාලය ඇති වූ විට එදා අත්අඩංගුවට පත් වූයේ ඩී.එස් සේනානායක, එෆ්. ආර් සේනානායක, පියදාස සිරිසේන, අනගාරික ධර්මපාල වැනි අය බවත් සඳහන් කළේය.

වසර 100 කට පසු අදත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට උත්සහ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ වරක් සිදු වූ දෙය නැවත නැවත සිදු වෙමින් පවතින බව සමස්ත ජනතාවම අවබෝධ කරගත යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා,  එවැනි තත්වයක් යලි  සිදුවීමට කිසිඳු ලෙසකින් ඉඩදිය යුතු නැති බවද  අවධාරණය කර සිටියේය.

ජනපති- අගමැති

මේ අතර, 'රාවය' පුවත්පතේ පටිසෝතගාමී අභිචාරිකා මාධ්‍ය මෙහෙවරට තිස්වන වසරක් සැපිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH ) හිදී පදුගිය 15දා පැවති විශේෂ සංවත්සර උත්සවය අමතමින්
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, සිංහල දෙමල මුස්ලිම් අන්තවාදී පිරිස් යලි ජාතිවාදී ගැටුමක් ඇතිකරලීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව  අවධාරණය කර කර සිටියහ.


සබැඳි පුවත්

'අන්තවාදීන් කුමන්ත්‍රණයක' - ජනපති හා අගමැති අනතුරු අඟවති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top