15976 BM WEB BANNER 01
Nov 17, 2016

හදවත් 3000ක් අසරණයි Featured

කරාපිටිය හෘද රෝග ශල්‍ය ඒකකයේ කටයුතු සිදු නොවීම නිසා සැත්කම් කරගැනීමට පොරොත්තු ලේඛනගතව සිටින රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි හෘද රෝගීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

ශල්‍යාගාරය තුළ විෂබීජයක් පැතිර ඇති බව පවසමින් පසුගිය 09 වැනිදා ශල්‍යාගාරය වසා දමා තිබෙන බවත්, එහෙත් එය කඩිනමින් විවෘත කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවත් එම සංවිධානයේ ලේකම් ධම්මික ජයවර්ධන මහතා සඳහන් කර සිටියි.

මිට අමතරව පසුගිය ජුනි, ජූලි මාසවල දින 50කට වැඩි කාලයක් ශල්‍යාගාරය වසාදැමීම හේතුවෙන් පොරොත්තු ලේඛනය 2020 දක්වා දික්වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

ශල්‍යාගාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබීමට අමතරව සමහර අවස්ථාවල හෘද සැත්කම් සිදුකිරීමට නියමිත රෝගීන් සිටින වාට්ටුව තුළ ජලය පවා නොමැතිවන බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙ මේ සඳහා අවධානයක් යොමුකරමින් මෙම ගැටලු වට නිසි පිළිතුරක් ලබා දියයුතු බවත් රෝගීන්ගේ ජීවිත අවධානමේ නොහෙළිය යුතු බවත් රෝගින් පවසා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top