Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Aug 19, 2017

ශ්‍රීලනිප සමුළුව දෙක තුනට කල් දමයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සමුළුව පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන සැප්තැම්බර් 02 දා ය.

එහෙත් උසස් පෙළ විභාගය අවසන් වන්නේ එදිනට වන බැවින් වහාම සමුළුවේ දිනය වෙනස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවිධායකයන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව උසස් පෙළ අවසන් වීමෙන් පසු සැප්තැම්බර් 03 වැනිදා බොරැල්ල, කැම්බල් පිටියේ දී මේ සමුළුව පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

ශ්‍රීලනිප සමුළුවට පැමිණෙන ජනතාව රැගත් වාහන නිසා කොළඹ නගරයේ සහ ඒ අවට රථවාහන තදබදයක් ඇති විය හැකි බවත්, එයින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු-සිසුවියන්ට දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙන්නට සිදු විය හැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

(ප්‍රදීපා වීරසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top