nsb

Nov 17, 2016

ඩෝල් සමාගම ත්‍රීකුණාමලයෙන් පැනයයි Featured

ඩොල් සමාගම ත්‍රීකුණාමලයේ පවත්වාගෙන ගිය කෙසෙල් ගොවිපල වසා දමා හොර රහසේම පලා ගොස් ඇති අතර ඊට එරෙහිව එහි කම්කරුවන් මේ විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කම්කරුවන්ට වන්දියක් ගෙවීමට හෝ කටයුතු නොකළ ඩෝල් සමාගම කිසිඳු දැණුම්දීමක් නොකර එම ගොවිපලෙන් ඉවත්ව යාමට කටයුතු කර ඇති නමුත් එහි තිබූ ලක්ෂ 80ත් කෝටියත් අතරේ වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ තොගයක් රැගෙනයාමට සූදානම් වෙමින් සිටියදී ඊයේ (16) පස්වරුවේ එය දැනගත් කම්කරුවන් ගොවිපලේ ප්‍රධාන දොරටුවට අගුලු දමා එම යන්ත්‍ර රැගෙන යාමට ආ ලොරි රථය හරස් කර තිබේ.

ඒ අනුව ලොරි රථයට ඉන් පිටතට යාමට නොහැකි වී ඇති අතර කම්කරුවෝ ඊයේ සිට අඛණ්ඩව විරෝධතා දක්වමින් සිටිති.

මේ වනවිට සේවකයින් 100කට ආසන්න පිරිසක් මෙම අසාධාරණයට ලක්ව ඇත.

ඔවුන් පිනර්කල් ඉංජිනියරින් සමාගමේ මිනිස්බල (මෑන්පවර්) සේවකයින් ලෙස කටයුතු කර ඇත.

එහෙත් ඔවුන් සියලු දෙනාම පාහේ එම ගොවිපලේ දින 180ක් ඉක්මවා සේවය කර ඇති අතර ඔවුන්ගේ 80කට වැඩි පිරිසක් අවුරුද්දත් අවුරුදු තුනත් අතර කාලයක් සේවයේ නිරතව සිටින්නෝ වෙති.

ඩෝල් සමාගම මේ වනවිට එහි සියළු වගාවන් විනාශ කිරීම කටයුතු කර ඇති අතර එහි තිබූ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත.

මෙම අසාධාරණය සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය කම්කරු කාර්යාලයේ පැමිණිල්ලක් කිරීමටද එම කම්කරුවන් කටයුතු කර ඇති අතර ඩෝල් සමාගමේ මුදල් බලයට යට වූ පොලිස් නිලධාරීන් විටින් විට දුරකථන ඇමතුම් ලබාදෙමින් විරෝධතාවයේ නිරත සේවකයන්ව බියගැන්වීමට කටයුතු කරමින් සිටින බවද වාර්තාවේ.

(ලංකා ට්රුත්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top