nsb

Nov 18, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන 240ක් වේ ! Featured

නව ව්‍යාවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන 240ක් දක්වා ඉහල දැමීමට යෝජනාවී ඇත. ඒ කොට්ඨාශ වශයෙන් තෝරා පත්කර ගන්නා 140 දෙනෙකු හා අනුපාත වශයෙන් පත්කර ගනු ලබන 100ක් වශයෙනි.

වත්මන් පාර්ලිමේන්තු සභා ගැඹ තුල උපරිම අසාන පහසුකම් ඇත්තේ මන්ත්‍රීවරුන් 240ක් සඳහා පමණක් වන අතර, දැනට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පාර්ලිමේන්තුව තුල සිටිති.

ව්‍යවස්ථා අනුකමිටු යෝජනා හෙට :

මේ අතර  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පත්කර ඇති අනුකාරක සභා 06හි වාර්තා හෙට (19 ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මානව හිමිකම්, අධිකරණය, රාජ්‍ය සේවය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මධ්‍යම රජය හා පළාත් සභා සහ පළාත් පාලන ආයතන අතර සබඳතා, නීතිය හා සාමය යන කරුණු කාරණා ආවරණය වන ලෙස එම අනුකාරක සභා 06  පත්කරනු ලැබ ඇත්තේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන 'ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලය' විසිනි.

මෙම අනුකාරක සභා සෑම පක්ෂයක්ම ආවරණය පරිදි පත් කර තිබේ.

කෙසේවුවද හෙට ඉදිරිපත් කෙරෙන යෝජනාවලියට 'ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ' අනුමැතියක් ලැබී නැතයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.

නව ව්‍යවස්ථාව නිර්මාණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගෙන්ම සමන්විත 'ව්‍යවස්ථාදායක මණ්ඩලයක්' හරහාය. එහි ප්‍රධානියා කතානායකවරයාය.

බලය බෙදාහැරිම, මැතිවරණ ක්‍රමය හා ජනාධිපති ධුරයේ බලතල හා රාජ්‍යයේ ස්වරුපය පිළිබඳව වූ මෙහෙයුම් කමිටුවේ වාර්තාව දෙසැම්බර් මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා මේවනවිට කටයුතු කරමින් සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top