Nov 18, 2016

දූෂණය ගැන විශේෂ විඩියෝවක් අද එළිදකියි ! Featured

"යුක්තියේ ජන රාශිය” වේදිකාවේදී අද (18) දූෂණය පිළිබඳ අලුත් වාර්තාමය වැඩසටහනක් එළිදැක්වීමට නියමිත බව යුක්තියේ ජනරාශියේ කැඳවුම්කරු බන්දුල චන්ද්‍රසේකර මහතා කියා සිටියේය.

අගත අනගත චෞරයන්ට එරෙහිව යළි නැගිටිමු ලෙස අද නෙළුම් පොකුණ රගහල අසලින් පා ගමනක් අරඹා නිදහස් චතුරස්‍රයේ මහජන සභාවක් පැවැත්වීමට හේතු කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

ජනවාරි 08 වැනිදා රාජපක්ෂ දූෂිත පාලනය පලවාහැර යහ පාලනයක් ගෙනඒමට දැරූ ප්‍රයත්නයත්, එය ආරක්ෂා කර ගැනීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගනිමින් මෙය පැවැත්වෙන බව ඔහු කියා සිටියේය.

එසේම පසුගිය ආණ්ඩුසමයේදී ජනතාවගෙන් කොල්ලකන ලද මුදල් හා දේපල යළි ජනතාව වෙතම භාර කිරීම, එම දූෂිත ගනුදෙනුකර නිදැල්ලේ සිටින පිරිස නීතිය හමුවේ හෙළිදරව් කිරීම හා ඔවුන්ට දඬුවම් ලබාදීම, ඒ සම්බන්ධයෙන් අධිකරණය හා නීතිපති දෙපාර්තමෙන්තුවට මහජන හයිය ලබාදීම මේ වැඩසටහනේ අරමුණුවලින් කිහිපයක් බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් දින 100ක් තුළ ජනතාව දැනුවත් කිරීමේ රටපුරා රැස්වීම් 100ක් සංවිධානය කරනු ලබන බවද චන්ද්‍රසේකර මහතා පැවසීය.

අද වැඩසටහන සංවිධානයවන්නේ කලාකරුවන්, ලේඛකයින්, ජනවාරි අට විප්ලවයේ කොටස්කරුවන් වන බහුජන ක්‍රියාකාරීන්ගේ සහයෝගයද සහිතව බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top