15976 BM WEB BANNER 01
Nov 18, 2016

කම්කරු ආරවුල් 8000 පනී:වර්ජනය දිගටම Featured

කම්කරු නිළධාරීන් විසින් ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා කම්කරු නිළධාරීන්ගේ සංගමය පවසයි.

දින 17ක් තිස්සේ ක්‍රියාත්මක කම්කරු නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට කම්කරු ආරවුල් 8000කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වාර්තාවේ.

මීට අමතරව කම්කරු ආරවුල් පිළිබඳ නඩු 23000ක් විසඳීම ද කල් ගොස් ඇති අතර කම්කරු කාර්යාලවලට පැමිණෙන බොහෝ පිරිසක් සිය සේවාවන් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

මේ තත්වය පිළිබදව අදහස් දක්වමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉරේෂ් චින්තක ගමගේ මහතා සඳහන් කර සිටින්නේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් තවමත් බලධාරීන් නිසි මැදිහත් වීමක් නොකළ බවයි.

කෙසේ වෙතත් කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා සදහන් කර සිටින්නේ කම්කරු නිලධාරීන් රජයට අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top