Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 19, 2016

ලසන්තගේ සිරුර යළි මිහිදන් කරයි Featured

නැවත පරික්ෂා කිරීම සඳහා ගොඩ ගනු ලැබූ ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර පසුගිය නොවැම්බර් 05 වන දින කිසිදු ප්‍රසිද්ධියකින් තොරව යළි මිහිදන් කර තිබේ.

බොරැල්ල කනත්තේ තැන්පත්කර තිබූ වික්‍රමතුංග මහතාගේ සිරුර එම ස්ථානයේම යළි තැන්පත් කිරීමට කටයුතු කර තිබේ.

රහස් පොලීසිය භාරයේ තිබු මෙම මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කර තිබූ බැවින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව එම ශරීර රහස් පොලිසියෙන් මුදවාගෙන නැවත් මිහිදන් කිරීම සිදු කර ඇත.

පරස්පරතා හේතුවෙන් :

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ රස පරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල ඇති පරස්පරතා හේතුවෙන් රහස් පොලීසිය අධිකරණයට කරන ලද සැලකිරීමට අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා ඉකුත් සැප්තැම්බර් මස 8 වන දින මෙම සිරුර ගොඩගෙන නැවත විද්වත් වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණය නියෝග කර තිබිණ.

ඒ අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ සැප්තැම්බර් 27 වන දින එම සිරුර ගොඩ ගනු ලැබීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සිය නිවසේ සිට කාර්යාලය බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්තිඩිය කවුඩාන මාර්ගයේ දී 2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් විය.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි යුධ හමුදා බුද්ධි අංශ සැරයන් ප්‍රේම් ආනන්ද උදුලාගම පසුගිය ඔක්තෝබර් මස 27 වන දින ඇප පිට මුදා හරිනු ලැබීය.

(සුභාෂ් ජයවර්ධන)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top