nsb

Nov 19, 2016

අලූත් ව්‍යවස්ථා යෝජනා මෙන්න - ජනමත විචාරණයක් !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සකසන මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3කින් හා ජනමත විචාරණයකින් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (19) පාර්ලිමේන්තු සභා ගර්භයේදී රැස්වූ අවස්ථාවේදීය.

නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු යයි විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කල යෝජනාව අනුමත කරමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ අනු කමිටු වාර්තා 6ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.

අනුකාරක සභා වාර්තාව නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top