15976 BM WEB BANNER 01
Nov 19, 2016

වෝටර්ස් ඒජ් විකුනන්න බැහැ' - ඇමැති පාඨලී කියයි Featured

මෙවර අයවැය තුළ උපායමාර්ගික නොවන ව්‍යාපාර යටතේ වෝටර්ස් ඒජ් (Waters Edge West Coast) ආයතනය ලැයිස්තුගත කිරීමට (Listing) යෝජනා කර ඇතත් එම ආයතනය ලැයිස්තුගත කිරීම නීති විරෝධී බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ආයතනය කොළඹ නගරයේ සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති නිසා එහි ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් අධිකරණ තීන්දුවක් ලබා දී ඇති බවයි.

ඊට පිටුපා අදාළ ආයතනය ලැයිස්තුගත කිරීමට තම අමාත්‍යාංශය විරුද්ධ වන බවද ඔහු පැවසිය.


මේ පිළිබඳ අප කළ විමසුමක දී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සිය අදහස් දැක්වීය.

“මේ ආයතනය පසුගිය සමයේ අධිකරණ නියෝගයක් හරහා මධ්‍යම පරිසර අධිකාරිය යටතට පවරා ගන්නා ලෙස උපදෙස් ලැබුණා. ඒ සමයේ එම අධිකාරිය තිබුණේ මගේ අමාත්‍යාංශය යටතේ. නමුත් අපි එහි දී පැහැදිලි කළා වඩාත් වැදගත් වෙන්නෙ මේ ආයතනය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවත්වා ගෙන යාමයි කියලා.

ඒ අනුව මෙය දැන් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ. ඒ කියන්නෙ අපේ අමාත්‍යාංශයටයි දැන් මෙය අයත්. ඒ නිසා අපි පැහැදිලිව කියනවා, මේ ආයතනය සංවේදී පරිසර කලාපයක පිහිටීම ගැන මෙන්ම අධිකරණ තීන්දුවට පිටුපාන්න එපා, එය යහපාලනයටත් පරිසරයටත් කරන හානියක් කියලා.”

මීට අමතරව මෙවර අයවැය තුළ සඳහන් නොවන ලංකා හොස්පිට්ල් ආයතනය කොටස් වශයෙන් විකිණීමට ඇති සූදානම පිළිබඳව අප පසුගිය සතියේ හෙළිකර සිටි අතර ඒ සම්බන්ධව දිගින් දිගටම ලැබෙමින් ඇති පැමිණිලි හේතුවෙන් සහ ඊට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මත එම කටයුත්ත දින නියමයකින් තොරව කල් දමා ඇති බව ද වාර්තා වෙයි.


(සංජය ලියනගේ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top