Sep 09, 2017

ෆොනී පිස්සු කී චීවරධාරියාට පවුල වඳින ෆොටෝ පිටවෙලා ! Featured

පසුගිය දිනක මාධ්‍යවේදීන් ඉදිරියේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පිස්සු චීවරධාරියෙක් යයි කී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිට කලකට ඉහතදී අමාත්‍යවරයාගේ බිරිය වන අනෝමා ෆොන්සේකා මහත්මිය වැඳ නමස්කාර කරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල තුළ කතාබහට ලක්ව තිබේ.

20170908 165756ano 4

 

අදාළ ජායාරූප ගෙන ඇත්තේ ෆොන්සේකා මහත්මිය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් වැල්ලවත්තෙ පවත්වාගෙන ගිය ලක් විරු සෙවණ වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය.

ඇය අදාළ උත්සවයට සහභාගිවී ඇත්තේ එවකට යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සිටි සභාපතිනිය ලෙසය.

වීඩියෝව ( වීඩියෝ අනුග්‍රහය - හිරු ටීවී)

” ඒ චීවරධාරියාට පිස්සු ” යනුවෙන් ෆොන්සේකා මහතා චෝදනා කරනු ලැබුවේ හිටපු හමුදාපති ජගත් ජයසුරිය සහ අමාත්‍ය සරත් ෆොන්සේකා අතර සිදුවෙන යුධ අපරාද සම්බන්ද කතාබහ පිලිබඳ ගුණවංශ හිමියන්ගේ අදහස් සම්බන්දයෙන් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

මේ සම්බන්ධයෙන් ගුණවංශ හිමියෝ එක්ස්ත් ජාතික පක්‍ෂය තවදුරටත් සරත් ෆොන්සේකා මහතා කැබිනට් ඇමති ධූරයේ සිටීමට සුදුසුදැයි සිතා බැලිය යුතුයැයි මාධ්‍යට පවසා තිබිණි.

එමෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ අදාල ප්‍රකාශය තමන් වහන්සේ ක්‍රියාකාරී දේශපාලන වේදිකාවට ගෙන ඒමට පෙළඹවීමක් කර ඇති බව ද උන්වහන්සේ පවසා තිබිණි.

තමන් වැඩ වාසය කරණ විහාරයට එක්සත් ජාතික පක්‍ෂ ප්‍රබල නායකයන් වන ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත් මුදලි ආදී නායකයන් පැමිණ තිබෙන බවද පවසා ඇති අතර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දේශපාලනික වශයෙන් පරාජිත පුද්ගලයකු බවත් ජනතාව ඔහු පිලිබඳ තීරණයක් ගනු ඇති බවත් ගුණවංශ හිමියෝ පවසා තිබේ.

ඇල්ලේ ගුණවංශ හිමියන් පසුගිය දශක කිහිපය පුරාවට දේශපාලන බපෑම් සංවිධාන කිහිපයක ප්‍රධාන පෙළේ නිර්මාතෘ වරයෙක් වන අතර සිංහල දේශප්‍රේමී සංවිධාන කිහිපයක් ඒ අතර වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top