Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 13, 2017

සේවක නිවාඩු අහෝසියි - විදුලිබල මණ්ඩලය (update)

ලංකා විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. එළඹෙන 20 දා දක්වා මෙසේ සේවක නිවාඩු අවලංගු කර තිබේ.

වැඩ වර්ජන සහ සේවයේ අවශ්‍යතාව අනුව නිවාඩු අවලංගු කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

-----------------------------------------------------------------------------------------------------------

විදුලිබලේ අද වැඩවර්ජනයක !

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් අද (13) වැඩවර්ජනයක් ආරම්භ ඇත.

මෙම වැඩවර්ජනය කැඳවා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසිනි.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ වැටුප් විශමතාව ඉවත් කිරීම, විදුලිබල මණ්ඩල සේවකයින්ගේ අර්ථ සාධක අරමුදලේ අස්ථානගත වී ඇති අරමුදල් සම්බන්ධයෙන් සහ ජනතාවට තවත් වැඩි කිරීමට යන විදුලි බිල සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන්ද කළ විමසීමකදී එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසුවේ වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන වැටුප් ගැටළු විසඳාලීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙන බවයි.

අද ආරම්භ කෙරෙන වැඩවර්ජනය නිසා විදුලි පාරිභෝගිකයන් පීඩාවට පත්වීමට ඉඩ නොදෙන බවද සුලක්‍ෂණ ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

විශේෂයෙන්ම විදුලි බිඳවැටීම් ඇති නොවීමට සහ විදුලි බිඳවැටීම් සිදුවුවහොත් ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

පාරිභෝගිකයන්ට සිදුවිය හැකි පීඩා පිළිබඳව වැඩවර්ජනය කැඳවා ඇති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන්ද විමසීමක් කළ විමසීමකදී එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ පාරිභෝගිකයන්ට පීඩා සිදු නොවන පරිදි විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම පාලකයන්ගේ වගකීමක් බවයි.

සිය ඉල්ලීම්වලට පැය 48 ක් ඇතුළත පිළිතුරු ලබානොදුනහොත් අද ආරම්භ කරන වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කරන බවද රන්ජන් ජයලාල් මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

(නෙත් නිව්ස්)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top