Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 13, 2017

රජයේ වෛද්‍යවරුන් අදත් දිස්ත්‍රික් 6ක වැඩවරයි !

සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජන මාලාවේ දෙවන අදියර අද දිස්ත්‍රික්ක 06ක ක්‍රියාත්මක බව වාර්තා වේ.

වව්නියාව, මාතලේ, අම්පාර, බදුල්ල, මොණරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල එසේ වර්ජනය ක්‍රියාත්මකය.

ඊයේ (12) දිනයේ මෙම වැඩ වර්ජනය යාපනය ඇතුළු දිස්ත්‍රික්ක 08ක ක්‍රියාත්මක විණි.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි දහස් ගණනක් රෝගීහූ දැඩි දුෂ්කරතාවට පත්වූහ.

වැඩ වර්ජනයට සමගාමීව විරෝධතා රථ පෙළපාලියක් ආරම්භ කෙරුණු අතර, එය ලබන 15 වනදා කොළඹට පැමිණීමට නියමිත ය.

මේ අතර වෛද්‍ය වැඩ වර්ජනයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක් සිය අප්‍රසාදය පළ කර ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top