Sep 13, 2017

වව්නියා ගිය සයිටම්, රෝගීන් ගෙදර යවයි (ඡායා)

සයිටම් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලලීම් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් වවුනියාව රෝහල් වෛද්‍යවරුන්ද අද(13දා) උදැසන සිට වැඩ වර්ජනයට සහයෝගය පළ කරමින් සේවයට වාර්තා කොට නොතිබිණ.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මහත් අපහසුතාවයට පත්වු බැව් රෝගීන් පැවසීය.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවු රෝගීන් නැවත ආපසු නිවෙස් කරා හැරී යන ආකාරයක්ද දක්නට ලැබිණ.

මාධව කුලසූරිය.
වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top