Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 13, 2017

එපා කියපු අය නැවත ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය Featured

අධ්‍යාපන අමාත්‍යාංශයේ කී‍්‍රඩා අධ්‍යක්ෂක තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයේ නොවන නිලධාරියෙක් වන කර්නල් මංජුල කාරියවසම් මහතා අත්තනෝමතිකව නැවතත් පත්කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුරු සංගමය විරුද්ධත්වය පළ කර සිටී.

එම තනතුර ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු දැරිය යුතු තනතුරකි.  එසේ තිබියදී එම තනතුරට අධ්‍යාපන පරිපාලන සේවයට හෝ අධ්‍යාපනයට
සම්බන්ධයක් නැති බාහිර පුද්ගලයෙකු වන කර්නල් මංජුල කාරියවසම් නැමති හමුදා නිලධාරියා අධිකරණ එකඟතාවය ද උල්ලංඝණය කරමින් නැවත පත් කර ඇති බව ගුරු සංගමයේ
ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි.

මේ  වසරේ මුල කර්නල් මංජුල කාරියවසම් මහතා ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන ‍සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ කී‍්‍රඩා අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට එරෙහිව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සහ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එක්වවෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත විය.

 එහිදී ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ඔහු එම තනතුරින් ඉවත් කිරීම සිදුවිය.

එසේ තිබියදී නැවතත් කර්නල් මංජුල කාරියවසම් මහතා අත්තනෝමතික ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික අධ්‍යාපන, සංවර්ධන හා පුහුණු විෂයන් යටතේ අධ්‍යක්ෂවරයෙකු ලෙස
පත්කිරීම සම්බන්ධව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

එසේම මෙම නීත්‍යානුකූල නොවනපත්කිරීම වහා අත්හිටුවීමට කටයුතු නොකරන්නේ නම් මෙම පත්කිරීමට එරෙහිව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව දැඩි කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ද ස්ටාලිං මහතා වැඩිදුරටත් පවසා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top