nsb

Nov 20, 2016

කෝටි 10ක් වටින ඒඩ්ස් රුධිර පරීක්ෂණ යන්ත්‍ර මුල්ලකට දාලා Featured

එච්.අයි.වී. ආසාදිතයන් පරික්ෂා කිරීමට මීට වසරකට පමණ පෙර නෙදර්ලන්තයෙන් රුධිර බැංකුවට ලබා දී ඇති විශේෂ රුධිර පරීක්ෂණ යන්ත්‍ර දෙක භාවිතයට නොගෙන පැත්තකට දමා ඇතැයි වාර්තා වේ.

මේ එක් පරීක්ෂණ යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 5ක් බව පැවසේ.

කෙසේවුවද, මේ සඳහා භාවිතා කරන ප්‍රතික්‍රියකද මිල අධික බව වාර්තා වේ.

මේ යන්ත්‍රවලින් සිදු කළ මුල් පරීක්ෂණ සඳහා පමණක් රුපියල් කෝටි 3ක මුදලක් වැයකර ඇතැයිද රුධිර බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ප්‍රතික්‍රියක මිල අධික වුවත් මින් සිදු කළ හැක්කේ ඉතා සීමිත සාම්පල පරීක්ෂණ කිහිපයක් පමණක් බවද පැවසේ.

කෙසේවුවද, සාමාන්‍ය පරීක්ෂණ අනුව ඒඩ්ස් ආසාදිතයන්දැයි දැන ගැනීමට දින 20කට අධික කාලයක් වැය වන බවත්, මේ යන්ත්‍රයෙන් එය දින 5කදී දැනගත හැකි බවත් පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top