Nov 20, 2016

සෝමාවතිය රක්ෂිතයේ අලි පැටියා මියගියේ වාහනයකට යටවෙලා ? Featured

සෝමාවතිය ජාතික උද්‍යානයේ සොමාවැතිය පුදබිම් මාර්ගයේ ඊයේ (19) තැඹිලි කොම්බ වංගුව ආසන්නයේ අලි පැටියෙකු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මාස 06ක පමණ අලි පැටියෙකු බව පැවසේ.

කෙසේවුවද, අලි පැටියා මියයාමට හේතුව නිශ්චිත ලෙස කිව නොහැකි බවත්, ඒ සදහා පශූ වෛද්‍යවරයා විසින් මරණ පරික්ෂණ කටයුතු කිරිමෙන් පසු දැන ගත හැකි බවත් සෝමාවතිය ජාතික උද්‍යානයේ වනජිවි බීට්ටු කාර්යල නිලධාරීහු පවසති.

සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා සෝමාවතිය ජාතික උද්‍යානය හරහා කිලෝමීටර් 12ක දුරක් ඇති අතර එම මාර්ගය අධිවේගි මාර්ගයක් ලෙස සකසා තිබීම නිසා සෝමාවතිය වැදපුදා ගැනීමට පැමිණෙන ජනතාව තම රථවාහන අධික වේගයෙන් ධාවනය කිරීම සෝමාවතිය රක්ෂිතය තුල ජිවත්වන සතා සිවුපාවන් හට මරු කැඳවන බව ප්‍රදේශවාසිහු කියති.

අපි සෝමාවතිය වඳින්න යන්නෙ අනුන්ගෙ වත්තක් උඩින්

පොලොන්නරුව තමන්කඩුව දෙපලාතේ ද්විතිය අධිකරණ සංඝනායක ලංකාපුර කොට්ඨාශයේ ශාසනාරක්ෂක සභාපති ශ්‍රී ශාඛ්‍යා බිමිබාරාමාධිපති යටිහලගල උපතිස්ස නාහිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

“දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතිය පුද බිම පිහිටා තියෙන්නෙ සෝමාවතිය ජාතික උද්‍යානයෙයි. සෝමාවතිය වැද පුදා ගන්න යන්න දැන් කලින් තිබුණ දුෂ්කර පාර වෙනුවට කෝටි ගාණක් වියදම් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හයිවේ වගේ පාරක් හැදුවා. එහෙම පාරක් හදපු එකේ වරදක් නෑ..ඒක හොදයි. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ අපි සෝමාවතිය වදින්න යන්නේ අනුන්ගේ වත්තක් උඩින් බව කාටත් අමතක වෙලා. සෝමාවතිය ජාතික උද්‍යානයේ වන සතුන් විශාල ප්‍රමානයක් ඉන්නවා. ඉතින් මේ කැලේ මැදින් දිවා රාත්‍රී ගමන් කරනවා. වාහනවල හෙමින් ගමනක් නෑ..රේස් යන්නේ... මේ යන යැමට හැමදාව වාහනවල සත්තු හැප්පිලා මැරෙනවා. අලි පැටියෙක් නිසා දාලා ගිහිල්ලා තියෙන්නේ. ගෝනෙක් මුවෙක් හාවෙක් එහෙම හැප්පුණාම  ඒ වාහනයෙම දාගන යනවා. මේ බොරුවක් නෙවෙයි. ගොඩක් අය දැකලා තියෙනවා.”

ජනපතිට ඉල්ලීමක් !

“ මම කියන්නේ  සෝමාවතිය වැදපුදා ගැනීමට එක්කො පයින් යන්න ඕනෑ. නැති නම් මාර්ගය හරහා මීටර්  පනහෙන් පනහා බාධක දාන්න කියලා මම ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.එතකොට රථවාහන අනතුරුත් අඩුයි වනසතුන්ගේ ජිවිතත් රැකෙනවා"

ජායාරූප හා සටහන - ඩබ්ලිව්.ඒ.පියතිලක

Shanudri1.PIX 02 A
යටිහලගල උපතිස්ස නාහිමි.

Shanudri1.PIX 04 A
 අලි පැටියා මැරි ඇති ස්ථානය නරඹන නාහිමි ඇතුඑ හිමිවරු

Shanudri1.PIX 03 A


 සෝමාවැති ජාතික උද්යානයේ  වනජිවි බිටිටු කාර්යාලය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top