nsb

Nov 20, 2016

ආයුර්වේද වෛද්‍යවරුන්ට රාජිතගෙන් තහනමක් Featured

ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර ඖෂධ වර්ග ලබාදීම වහා නතර කළ යුතු බවත් ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන්ගේ කාර්යන් ඉටු නොකළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

RajithaSenarathna 600px 16 11 10අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවින්න බණ්ඩාරනායක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දී ආයුර්වේද වෛද්‍ය සේවාවේ ප‍්‍රාථමික සේවය සඳහා වෛද්‍ය පත්වීම් 107 ක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමා ලිං මැඩි දේශපාලනය නොකරන බවත් තමා දේශීය වෛද්‍ය ක‍්‍රමය දියුණූ කිරීමේ අවශ්‍යතාවයෙන් සහ ගෝලීය මානසිකත්වයෙන්  කටයුතු කරන්නෙක් බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

ඒ අනුව ලබන වසර මුලදී  උතුරු කොරියාවේ දේශීය වෛද්‍ය ක‍්‍රමය හැදෑරීම සඳහා සංචාරයක නිරත වීමට තමා සූදානමින් පසුවන බව හෙතෙම පවසා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සදහන් කර සි‍ටියේය.

''බටහිර වෛද්‍ය ක‍්‍රමයන් සමගත් රෝගාබාධ දක්නට ලැබුනා. උතුරු කොරියාවේ මේ වනතුරු ක‍්‍රීයාත්මක වන්නේ එරට දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. නීරෝගී මිනිසුන් සිටිනවා. ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ තිබෙන්නෙත් දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. චීන වෛද්‍ය විද්‍යාවත් ඉතාම දියුණුයි. චීන වෛද්‍ය විද්‍යාව ශ‍්‍රී ලාංකිකයින්ට හදුන්වාදීමට මම සුදානම් ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය පිළිබඳ පර්යේෂණ සිදු කරන්න. පාරම්පරික වෛද්‍ය ක‍්‍රම ගුරු මුෂ්ථි නොමැතිව ලබා දෙන්න.

දේශීය වෛද්‍ය ක්‍රමයට ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ඔබලා දේශීය වෛද්‍ය ක්‍රමය නඟාසිටුවන්න. දේශීය වෛද්‍යවරු බටහිර වෛද්‍යවරුන්ට වඩා වගකීමෙන් කටයුතු කරන්න. ආයුර්වේද සභාව, දෙපාර්තමේන්තුව වර්තමානයට ගැළපෙන ආකාරයට නිර්මාණය කරනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top