nsb

Nov 20, 2016

'හමුදා කුමන්ත්‍රණයකට ඉඩක් නෑ - ආසාවක් විතරයි' Featured

හමුදා කුමන්ත්‍රණයකින් ශ්‍රී ලංකාවේ කිසිවෙකුට බලයට පත්විය නොහැකි බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

ලංකාවේ හමුදා කුමන්ත්‍රණයකට ඉඩ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (19) පැවසූ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දිගින් දිගටම රට තුල ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කරමින් ඇති තත්වයක් යටතේ නුදුරේදීම ආණ්ඩුවට එරෙහිව රට තුල හමුදා කුමන්ත්‍රණයක් ඇති විය හැකි යයි දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

හීනයක් විතරයි :

ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති රාජිත සේනාරත්න මහතා, "ඒගොල්ලන් ආස ඒකට තමයි. එහෙම එකක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ අය දැන් දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී විදහට දැන් බලයට එන්න බැහැ කියලා. ඒ නිසා රෑට හීනෙන් දකිනවා ඇති හමුදා කුමන්ත්‍රණයකින් බලයට එන හැටි. නමුත් ඒවා හීන විතරයි.” යයි කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top