15976 BM WEB BANNER 01
මාස්කන්නයේ ගොවිතැන් ආරමිභ කර ඇති අයුරු මාස්කන්නයේ ගොවිතැන් ආරමිභ කර ඇති අයුරු
Nov 21, 2016

“මහ කන්නයට පොහොර සහනාධාරය තවම නෑ” Featured

මේවන විට මහ කන්නය ආරම්භවී ඇතත් ගොවීන්ට මේ දක්වා පොහොර සහනාධාරය ලැබී නැතැයි ප්‍රගතිශිලි ගොවිජන සම්මේලනයේ සභාපති එම්.කේ. ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

තම සම්මේලනයේ සාමාජිකයන් රටපුරා සිටින බවද පැවසූ ජයතිස්ස මහතා ඇතැම් ප්‍රදේශවල මහ කන්නය ආරම්භවී මේවන විට මාසයක් පමණ ගතවී ඇති බවද ඔහු කීය.

පොහොර වෙනුවට මුදල් ලබා දීමේ නව වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීමත් සමඟ නිසි කලට තම ගොවි බිමට පොහොර යෙදීමට නොහැකිව ඇති බවට ද ඔහු චෝදනා කර සිටියේය.

මෙවර මහ කන්නයේ ගොවිතැනට මඩ පොහොර යොදාගත නොහැකි වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඉකුත් යල්කන්නයේ පොහොර සදහා මුදල් ලැබුනෙ අස්වැන්න නෙළිමට අසන්නව තිබියදී බවද ඔහු කීය.

එවැනි තත්ත්වයක් උදා නොකරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

පොහොර සහනාධාර සඳහා අවශ්‍ය ඉල්ලුම් ලබාදෙනු ලැබුවේ මීට දෙමසකට පෙර බවද ජයතිස්ස මහතා පැවසීය.

ඡායාරූප හා සටහන - ඩබ්ලිව්.ඒ. පියතිලක

Mahakannaye1 600px 16 11 21

ප‍්‍රගතිශිලි ගොජන සමිමෙිලනයේ සභාපති එම්. කේ. ජයතිස්ස මහතා 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top