Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 22, 2017

නාවික හමුදාපතිට ගේත් නෑ වාහනෙත් නෑ ! Featured

මෙරට 21 වැනි නාවික හමුදාපතිවරයා වන වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාට මෙතෙක් අදාළ ධූරයට හිමිවිය යුතු නිල රථය හෝ නිල නිවස ලැබී නැතැයි නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහු නව නාවික හමුදාපතිවරයා ලෙස දිවුරුම් දී මේවන විට මසකට වඩා වැඩි කාලයක් ගතවී ඇති අතර ඔහු අදාළ ධූරයේ දිවුරුම්දෙනු ලැබුවේ පසුගිය අගෝස්තු 18 වැනිදාය.

සින්නයියා මහතාට නිල රථය හා නිල නිවස නොලැබී ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබාදුන් හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අදාළ නිවස හා රථය පරිහරණය කිරීම නිසාය.

ඊට අමතරව විජේගුණරත්න මහතා ඩිෆ්‍රෙන්ඩර් රථයක්, කාර් රථ පහක්, කැබ්රථ තුනක් හා යතුරු පැදි හතරක් සිය පරිහණයේ තබාගෙන ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top