Sep 22, 2017

අකිලගේ ප්ලාස්ටික් පුටු මේස ටෙන්ඩරේ අණ්ඩරයක් ? Featured

රජයේ පාසල්වල 4 - 5 ශ්‍රේණිවල පන්ති කාමරවල ප්ලාස්ටික් පුටු හා මේස භාවිතා කිරීම සඳහා ගෙන ඇති තීරණය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උත්සාහගනිමින් සිටින බවට ගුරු සංගම් චෝදනා කරයි.

මේ සඳහා ටෙන්ඩරය දමා ඇත්තේ 2016 ඔක්තෝබර් 03 වැනිදා වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 1930ක් බව පැවසේ.

මෙම ටෙන්ඩරය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර ඇති අතර අදාළ තාක්ෂණික කමිටුව විසින් ප්ලාස්ටික් පුටු හා මේස ශ්‍රී ලංකාවේ පන්තිකාමරවලට පළමුවරට භාවිතා කිරීමට යන බැවින් නියමු ව්‍යාපෘතියක් මගින් අත්හදා බැලීමක් කළ යුතු බවට දුන් නිර්දේශය පදනම්කරගනිමින් මේ මගඩිය සිදු කිරීමට යන බව වාර්තා වේ.

අදාළ නියමු ව්‍යාපෘතියට තෝරා ගැනීමේදී විවිධ දේශගුණික කලාපයන් පවතින වෙරළබඩ ප්‍රදේශ, ග්‍රාමීය ප්‍රදේශ හා නාගරික ප්‍රදේශ යොදාගත යුතු බවට ද නිර්දේශවී තිබිණි.

ඒ අනුව අදාළ නියමු ව්‍යාපෘතිය රජයේ පාසල්වල 4 - 5 ශ්‍රේණිවල ඇති පන්තිකාමර හතරෙන් තුනක පමණ ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇතැයි පැවසේ.

මෙය ප්ලාස්ටික් පුටු මේස යෝජනාව කෙසේ හෝ ඉටුකිරීමට දරණ උත්සාහයක් බව ගුරු සංගම්වල මතය වේ.

කෙසේවුවද, මේ යෝජනාව සම්බන්ධයෙන් සොයා බලා තාක්ෂණික ඇගයුම් වාර්තාව සකස් කිරීමට පවරන ලද කමිටුවේ සිටි තාක්ෂණික කරුණු සම්බන්ධ විශේෂඥයන් වන මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය එච්.කේ.ජී. පුංචිහේවා මහතා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ඒ.පී.ආර්. ද සිල්වා මහතා හා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ එම්.ඒ.ආර්. මධුවන්ති මහත්මිය යන තිදෙනා අදාළ තනතුරුවලින් හිටිහැටියේම ඉවත්ව ඇති බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top