Sep 23, 2017

බැඳුම්කර පරීක්‍ෂණ නොමඟ යැවීමේ සැකයක් ! Featured

බැඳුම්කර විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ දැනට සිදුවන පරීක්‍ෂණ කිසියම් දේශපාලන ගනුදෙනුවක් හරහා වෙනතකට හැරවීමේ බරපතළ සැකයක් මේ වන විට පැන නැඟී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අනතුරු ඇඟවීමක් කරයි.

ඊට හේතුව ලෙස මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයන් වන අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන් සිය සාක්‍ෂිදීම කල් දැමීම තුළ එය උසාවි මට්ටම දක්වා ඇදෙන බවත් ඒ හරහා දේශපාලන බලපෑම් සිදුකර වංචාව යටගැසීමේ අවස්ථාවක් පැහැදිලිව උදාකරගනු ඇති බවත්ය.

ලලිත්ට ඇප ලැබීම :

බැඳුම්කර ජනපති කොමිසම දැනට නිසි පරිදි සිදු වුවත් ලලිත් වීරතුංග 'සිල් රෙදි නඩු තීන්දුව සම්බන්ධයෙන් නීතිපතිවරයා' කිසිදු විරෝධතාවකින් තොරව එකී චූදිතයන්ට ඇප ලබා දුන්නේ දේශපාලන ගනුදෙනුවක් හරහා බැවින් බැඳුම්කර වංචාවටද සිදුවිය හැක්කේ එවැනිම තීන්දුවක් බව ඒ මහතා සඳහන් කෙළේය.

රත්නායක මහතා පවසන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනමාධ්‍යවේදීන් ඉතා හොඳ ප්‍රචාරයක් ලබාදීම පිළිබඳ තම පක්‍ෂය ස්තුතිවන්ත වන අතර එම ප්‍රචාරය නිසාම බාබර් සාප්පු සේවකයාගේ සිට මෙම දැවැන්ත වංචාව පිළිබඳ ඉතා උනන්දුවෙන් කියවීමට උත්සුක වී ඇති බවයි.

එම වංචාවට දේශපාලන ඇඟිලි ගැසීම් හෝ බාධා කිරීම් නොමැති නම් මීට වඩා රටේ නීතිපති දෙපාර්තමේන්තුවේත්, පොලිස් දෙපාර්තමේන්තුවේත්, නිලධාරීන් ඉතා දක්‍ෂ අන්දමින් සිය පරීක්‍ෂණ කටයුතු සිදු කරන බව පවසන ඒ මහතා හිටපු ඇමැති රවි කරුණානායක වැනි පුද්ගලයන්ට ඇමැතිකමින් පවා ඉවත් වීමට සිදුවීම වැදගත් තීන්දු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top