Nov 21, 2016

පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කෙරේ

පාර්ලිමේන්තු සැසිවාර සජීවීව විකාශය කිරිමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව රූපවාහීනී සංස්ථාවේ චැනල් අයි සේවය හරහා පාර්ලිමේන්තු රැස්වීම් සජවීව විකාශය කිරීමට නියමිතය.

මාස තුනක කාලයක් මෙසේ අඛණ්ඩව පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීමට නියමිතය. ඒ අනුව චැනල් අයි සේවය මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය කිරීම ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් සිම්බාබ්වේ, කොදෙව් හා ශ්‍රි ලංකා තුන්කොන් එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන විට චැනල් අයි සේවය වෙනුවට ජාතික රූපවාහිනය හරහා පාර්ලිමේන්තුව සජීවීව විකාශය කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top