nsb

Nov 22, 2016

"ආවා මැඩීමට යුද හමුදාව යොදවන්නේ නෑ' - ආරක්‍ෂක ලේකම්

යාපනයේ ආවා කල්ලිය මර්දනය කිරීමට යුද හමුදාව යොදවන්නේ නැතැයි ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

ආවා කල්ලිය ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම හා මර්දනය කිරීම යුද හමුදාවට නොව පොලිසියට අයත් රාජකාරියක්‌ බවද හෙතෙම පැවසීය.

පොලිසිය ඉල්ලීමක්‌ කළහොත් පමණක්‌ යුද හමුදාවේ සහාය ලබාදීමට කටයුතු කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


ආරක්‍ෂක ලේකම් ඉවත් කළ යුතුයි :


මේ අතර 'සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විඡේසූරිය මහතා  පවසන්නේ, ආරක්‍ෂක ලේකම්වරයා වහාම එම තනතුරින් ඉවත් කළ යුතු බවයි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පැමිණිලි කළ බවත් එහිදී මොහු ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඊයේ (21 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විජේසූරිය මහතා කියා සිටියේය.

වත්මන් ලේකම්වරයා කටයුතු කරන්නේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඔළුවෙන් යෑයි ද ගෝඨාභයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම යහපාලනයට නුසුදුසු බවද හෙතෙම කීය.

ආරක්‍ෂක ලේකම්වරයා අද බලවත් චරිතයක්‌ වී ඇති බව කී මහාචාර්යවරයා, නීතිය කාටත් පොදු විය යුතු යෑයි ද ඔය පුටුවේ සිටිමින් ගජමිතුරන්ට සලකන්නේ නම් එය ඉතා අශීලාචාර ක්‍රියාවක්‌ යෑයිද කියා සිටියේය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top