Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 22, 2016

රාජ්‍ය සම්මාන උලළේ හොඳම නළුවා රොෂාන් Featured

පසුගිය වසරේ සියලුම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශයවූ ටෙලිනාට්‍ය සහ එහි ශිල්පීන්ගේ හැකියාවන් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ ඊයේ (21)දා නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණ.

එහිදී වසරේ හොඳම නළුවා සම්මානය දස්කොන් ටෙලි නාට්‍යයේ ‘දස්කොන් අධිකාරම්‘ගේ චරිතය නිරූපනය කළ රොෂාන් රවීන්ද්‍ර හිමිකරගත් අතර හොඳම නිළිය සම්මානය කවිය නුඹ ටෙලි නාට්‍යයේ ‘පුකුට්ටි‘ ගේ චරිතය නිරූපනය කළ හිමාලි සයුරංගිට හිමිවිය.

හොඳම ප්‍රසාංගික නාට්‍ය අධ්‍යක්ෂක ලෙස දස්කොන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනි සම්මාන දිනූ අතර එහි හොඳම ටෙලි නාට්‍යය වූයේ ද දස්කොන්ය.

ලූෂන් බුලත්සිංහලට වි‍ශේෂ යාවජීව සම්මානයක් ද හිමිවිය.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ හතළිහක් යටතේ මෙදින විශිෂ්ට කුසලතා පළ කළ ශිල්පී ශිල්පිනියෝ හැත්තෑ හයක් රාජ්‍ය ටෙලිනාට්‍ය සම්මානයෙන් පිදුම්ලැබූහ.

2003 වසරේ සිට ඇරඹි මෙකී රාජ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ 13 වැනි වරටය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top