15976 BM WEB BANNER 01
Nov 22, 2016

ඉඩම් කොමසාරිස්‌ට එරෙහිව පැමිණිල්ලක්

ඉඩම් කොමසාරිස්‌ ආර්.පී.ආර්. රාජපක්‍ෂ මහතාට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විසින් පැමිණිල්ලක් කර තිබේ.

ඒ වත්මන් ඉඩම් කොමසාරිස්‌වරයා සිය රාජකාරි නිසි ලෙස ඉටුනොකරන බව සඳහන් කරමිනි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා කාවිංග මන්ත්‍රීවරයා ජනතාවගේ ඉඩම් ප්‍රශ්නයක් රැගෙන ඉඩම් කොමසාරිස්වරයා මුණ ගැසීමට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී ඉඩම් කොමසාරිස්වරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් කර නොමැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කාවිංග මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙවැනි රාජ්‍ය නිලධාරීන් නිසා රජය අපකීර්තියට පත්වන බවයි.

රාජකාරි ඉටු නොකරන මෙවැනි රාජ්‍ය සේවකයින් අතලොස්සක් සිටින බවත්, ඔවුන් නිසා රාජ්‍ය සේවයද පිරිහී ඇති බවද ඔහු කීය.

අදාළ නිලධාරියා වසර 7ක පමණ කාලයක සිට ඉඩම් කොමසාරිස් ධූරය හොබවන බවද ඔහු කීය.

ඉඩම් කොමසාරිස්‌ ඉවත් කරන්න තීරණයක්‌ ගෙන නෑ - ජෝන්

ඉඩම් කොමසාරිස් ඉවත් කිරීමට කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ඉඩම්, සංචාරක හා ක්‍රිස්‌තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ද අප කාවිංගගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් අමරතුංග ඇමතිවරයාගෙන් විමසීමක් කළ බවත් ඔහු එහිදී කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා නොදන්නා බවයැයි කාවිංග කීය.

කවුරු මොනවා කීවත් මං වැරදි කරලා නෑ - ඉඩම් කොමසාරිස්‌

 'කවුරු මොනවා කිව්වත් මං වැරදි කරලා නැහැ' යැයි ඉඩම් කොමසාරිස්‌ ආර්. පී. ආර්. රාජපක්‍ෂ මහතා 'දිවයින’ පුවත් පතට පවසා තිබේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top