ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් අබුඩාබි ගුවන් තොටුපළේ රැඳී සිටින ඔරනෙලා... ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් අබුඩාබි ගුවන් තොටුපළේ රැඳී සිටින ඔරනෙලා...
Oct 09, 2017

නාමල්ගේ ලේකම්වරිය කටුනායකදී අත්අඩංගුවට ! Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් මුදල් යොදවා ඇති බවට සැකකෙරෙන සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ ලේකම්වරිය වන බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදානමින් සිටින බව වාර්තා වේ.

ඇය හෙට (10) පාන්දර 5.00 ට අබුඩාබි සිට පැමිණෙන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත සේන්දුවීමට නියමිත බවද පැවසේ.

මේවන විට ඇය ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අබුඩාබි ගුවන් තොටුපලේ සිටින බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

රුපියල් මිලියන 45ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන ඔරනෙලා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබිණි.

එම නඩුව ( HC 129/ 17) හෙට (10) අළුත්කඩේ අංක 07 මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ නාම මාත්‍රික අධ්‍යක්ෂවරියක් වන ඔරනෙලා දක්ෂ සමාගම් නීතීඥවරියකි.

ඇය අදාළ සමාගමේද නීති නිලධාරිනිය වේ.

මේ සිද්ධියෙන් පසුව ඩුබායි වෙත ගොස් සිටි ඇය එහි අල්තියා හෝල්ඩිංග්ස් සමාගමේ නීතීඥවරියක් ලෙස කටයුතු කර ඇති බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට !

Ornella 001 copy

Ornella 002 copy

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top