15976 BM WEB BANNER 01
Oct 11, 2017

ශ්‍රී ලංකාවට ඇමරිකානු සහය දිගටම

ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කරමින්, ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව එරට උප රාජ්‍ය ලේකම් ෂැනන් මහතා අවධාරණය කර සිටියි.

ඔහු එම කාරණය අවධාරණය කර ඇත්තේ, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර ඊයේ (10) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති හමුවේදීය.

2017 ලෝක බැංකුව/ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුර මෙම හමුව සිදුවූ බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත, සියළු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින, සමාජයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බව එහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත.

තවද අමාත්‍ය සමරවීර මහතා විදේශ අමාත්‍යධුරයේ සිටියදී වසර 2016 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාද වටයේ දෙවැනි සැසියට එළැඹන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ෂැනන් මහතා ප්‍රකාශ කර තිබේ.

DSC 6270

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top