Oct 12, 2017

පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කතානයක අත්සන් තබයි

පළාත්පාලන ජන්ද විමසීමට අදාළව පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන පනත් තුනට කථානායක කරූ ජයසූරිය මීට සුලු මොහොතකට පෙර අත්සන් තැබීය.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී පසුගිය 9 වනදා සම්මත වූ අතර, එම කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසිනි.

ඒ අනුව අදාළ පනත් සතියකට පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top